ETcommunity
Knowledge Journey of Thousand Mile 3.6
———————————————
~ The Future of Transportation-Electric Roads ~
———————————————
|||CONCEPT OF THE ELECTRIC ROADS
The Future of Transportation-Electric Roads

විදුලි වාහන තාක්ෂණයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් ස්වීඩනය විසින් විදුලි වාහන ආරෝපනය කල හැකි මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කරමින් ඇත. ලෝකයේ පලමු වරට, වෙන්කරන ලද ස්ථීර විදුලි මාර්ගය මෙසේ ඉදිවීමට නියමිතයි. විවිධ නියමු ව්‍යාපෘති (pilot projects) හා පරීක්ෂණ අවසානයේ දී, මෙම මාර්ගය 2025 වන විට සාදා නිම කිරීමට බලාපොරොත්තු වේ.
විද්‍යුත් මාර්ග හෙවත් “e-roads” යනුවෙන් හදුන්වන මෙම මාර්ග මත ධාවනය වන, විදුලි වාහනවල(electric vehicles) බැටරි අඛණ්ඩව ආරෝපණය කරන විදුලි රේල් හෝ රැහැන් රහිත(wireless) ආරෝපණ තාක්ෂණයෙන් නැවත නැවත ආරෝපණය සිදු කල හැකි මාර්ග ලෙස මේවා සමන්විත වේ.අප දන්නා පරිදි, විදුලි වාහන වල ඇති ප්‍රධාන අවාසියක් නම් ඉතා දිගු පරාසයක්(range) සහිත බැටරි නිෂ්පාදනය සඳහා ඉතා විශාල පිරිවැයක් හා තාක්ෂණයක් අවශ්‍ය වීමයි. මෙම සොයා ගැනීමත් සමගම නිරන්තරයෙන් නැවතෙමින් වාහන ආරෝපණය කිරීමට ඇති අවශ්‍යතාව හා ඉතා විශාල පරාසයක් ඇති බැටරි නිෂ්පාදනය මගහරවා ගත හැකිය. මෙහිදී, මාර්ගය යටි පැත්තේ ඇති විද්‍යුත් චුම්භක දඟරයක් භාවිතයෙන් විදුලි රේල් පීලි හෝ දඟර ආරක්ෂිතව වාහනයේ බැටරිය සමග ශක්තිය හුවමාරු කිරීම සිදු කරයි. එමඟින් බාධාවකින් තොරව රථයට ගමන් කිරීමට ඉඩ සලසයි. ස්වීඩනය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ වෙනත් බොහොමයක් දියුණු රටවල් මෙම ඊ-මාර්ග(e-roads) වයාපෘති පර්යේෂණ මට්ටමින් සිදු කරමින් පවතී.

අද වනවිටත් ‘විදුලි ට්රෑම් රථ’ සහ ‘ට්‍රොලි-බස් රථ’ catenary (overhead line) පද්ධතියක් හෝ සන්නායක (contact with an electrified rail) පද්ධතියක් භාවිතයෙන් ගමන් කරන විටදී, බැටරි ආරෝපණය වීමක් සිදු කරනු ලබයි. මේවායේ ඇති ප්‍රධානතම දුර්වලතාව නම්, විශේෂයෙන් සකස් කරන ලද වාහන සහ විශේෂිත වූ මාර්ග පද්ධතීන් ඒ සඳහා අවශ්‍ය වීමයි.

මෙම e-roads සංකල්පය, දැවැන්ත EV බැටරිවල අවශ්‍යතාව අඩු කරන අතර පරිසර හිතකාමී නිර්මාණවලට ඉඩ සලසයි(zeroemission). මෙහි සඳහන් ප්‍රතිලාභවලට අමතරව, වාහන තදබදය අවම කිරීමට සහ වාතයේ ගුණාත්මකභාවය වැඩි කිරීමට විදුලි මාර්ගවලට හැකියාව ඇත. යුරෝපීය කොමිසම(European Commission) මගින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, විද්‍යුත් මාර්ග මගින් CO2 විමෝචනය 90% කින් ද, නයිට්රජන් ඔක්සයිඩ් (NO) විමෝචනය 50% කින් ද අඩු කළ හැකිය.

තවමත් මෙම සොයාගැනීම් මුල් අදියරේ පවතින අතර, මෙමගින් තිරසාර සහ බාධාවකින් තොර වූ ප්‍රවාහන කටයුතු සඳහා දැවැන්ත ශක්තියක් වනු ඇත. මෙම විද්‍යුත් මාර්ග තත්‍ය කාලීන නිරීක්ෂණයක්(real-time monitoring) සහිතව සියලු කාලගුණික තත්වයන් යටතේ ආරක්ෂිතව ක්‍රියාත්මක කල හැකි පරිදි නිර්මාණය කිරීමට සැලසුම් සකස්කරමින් පවතී.(smart cities)

#ElectricRoads
#KnowledgeJourney
#ArticleSeries
#ETcommunity
#NDT