
ETcommunity
Knowledge Journey of Thousand Mile 4.4
———————————————
~ HD Hyundai Concept X excavator ~
———————————————
Hyundai හි HD අංශය මගින් CES 2024(consumer electronic show) සඳහා ආකර්ශණීය AI මඟින් පාලනය වන concept x කැණීම් යන්ත්‍රයේ පූර්ණ පරිමාණ අනුරුවක් ඉදිරිපත් කර ඇත.
මෙම පූර්ණ පරිමාණ HD Hyundai Concept X excavator කැණීම් යන්ත්‍රය, එය නැරඹීමට පැමිණි සෙනගට වඩා අඬි 15කට ආසන්නව ඉහළට නැගි අතර,එය විද්‍යුත් ධාවක (electric drive) මඟින් බල ගැන්වෙන feet tank හතරකින් සහ රියදුරු කුටියකින් තොරව දැක ගැනීමට හැකිවේ.
Concept X excavator කැණීම් යන්ත්‍රය සම්පූර්ණයෙන්ම විද්‍යුත් ක්‍රියාකාරීවේ.Boom arm ක්‍රියාත්මක කිරීම සඳහා hydraulic oil වෙනුවට විද්‍යුත් ධාවක (Electronic Drivers) භාවිතා කොට ඇත.
එය සංවේදක, කැමරා සහ monitors භාවිතයෙන් කුල්ල තුළ ඇති (inside the bucket) ඕනෑම පාෂාණ හෝ කුට්ටි හෝ assorted detritus ඩිජිටල් කළ රූපයක් project කිරීමට ක්‍රියා කරයි, සහ ක්‍රියාකරුවන්ට කුල්ල තුළ ඇති දේ (inside the bucket) පිළිබඳ වඩා හොඳ අදහසක් ලබා ගැනීමට එමගින්උපකාරී වේ.බර මාරු කිරීම (shifting loads) හෝ අනතුරුදායක විදුලි හෝ ගෑස් මාර්ග වල වැදීමෙන් හානිවීමේ අවදානමක් ඇති විට එම සංවේදක මගින් ක්‍රියාකරුවන් දැනුවත් කිරීමට හැකියාව ඇත.

මෙම Concept X excavator කැණීම් යන්ත්‍රයට අමතරව 2025 දි compact wheel loader යන්ත්‍රයක් සහ සංධි සහිත යන්ත්‍රයක් (articulated hauler) නිපදවීමට අපේක්ෂා කර තිබේ.
Concept X යනු ආරක්ෂාව, සැපයුම් දාම සහ දේශගුණික විපර්යාස වැනි මානව වර්ගයා මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා ඉඩම් නවෝත්පාදන දැක්මක් වන ‘Xite Transformation’ හි HD Hyundai හි මූලික තේමාවේ කොටසකි.
“Xite Transformation” හි අරමුණ සාම්ප්‍රදායික බාධක ජයගෙන මානව වර්ගයාගේ තිරසාර අනාගතයකට දායක වෙමින් ඉදිකිරීම් ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමයි

HD Hyundai විසින් හඳුන්වා දුන් Xite Transformation, ඉදිකිරීම් කර්මාන්තයේ තීරණාත්මක අභියෝග කිහිපයකට විසඳුම් සෙවීම අරමුණු කරයි. එය විසඳීමට උත්සාහ කරන ප්‍රධාන ගැටලු නම්,
1. ඉදිකිරීම් ස්ථානවල දක්ෂ උපකරණ ක්‍රියාකරුවන්ගේ සහ වාණිජ රියදුරන්ගේ හිඟය: දක්ෂ ක්‍රියාකරුවන් වඩාත් දුර්ලභ වී ඇති අතර, එවැනි පුද්ගලයින්ගේ හිඟය හුදෙක් කෙටි කාලීන අපගමනයක් නොව දිගුකලීනව ඉදිකිරීම් ක්ෂේත්රයේ පවතින දුර්වලතාවයකි.
2. ආරක්ෂාව වැඩි දියුණු කිරීම: ඉදිකිරීම් වලදී ආරක්ෂාව ඉතා වැදගත් වන අතර HD Hyundai AI-Power excavator ආරක්ෂාව සම්පූර්ණයෙන්ම නව මට්ටමකට ගෙන යයි. Smart සංවේදක සහ කැමරා වලින් සමන්විත කැණීම් යන්ත්‍රයට අවට ඇති විය හැකි උපද්‍රව හඳුනා ගැනීමටත්, ක්‍රියාකරුවන්ට අනතුරු ඇඟවීමට සහ අනතුරු වළක්වා ගැනීමටත් හැකිය. මෙම වැඩිදියුණු කරන ලද ආරක්ෂිත අංගය කැණීම් යන්ත්‍රය සුපරීක්ෂාකාරී භාරකරුවෙකු බවට පරිවර්තනය කරයි, ක්‍රියාකරුවන්ගේ සහ ස්ථානීය පුද්ගලයින්ගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙයි.
3. Decarbonization සහ Energy Value Chain: HD Hyundai කාබන් විමෝචනය අඩු කිරීමේ සහ තිරසාර බලශක්ති අගය දාමයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය හඳුනා ගනී. Xite Transformation ඉදිකිරීම් ක්‍රියාවලීන් decarbonizing සහ වඩාත් පරිසර හිතකාමී කර්මාන්තයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි


#HyundaiExcavator
#KnowledgeJourney
#ArticleSeries
#ETcommunity
#NDT