|||CONCEPT OF THE DOPPLER EFFECT
ETcommunity
Knowledge Journey of Thousand Mile 4.5
———————————————
~ Speed Gun System in Cricket ~
———————————————
ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යවන්නෙකු විසින් සිය පන්දුවාරය තුලදී, එකිනෙකට වෙනස් ආකාරයෙන් පන්දු දෝලනයන් මගින් පිතිකරු දවාලීමට උත්සාහ කරනු අප දැක ඇත. මෙහිදී පන්දුවේ “වේගය” වෙනස් කිරීම බහුලවම සිදු වන කරුණකි.
මෙහිදී පන්දු යවන්නාගේ අතින් පන්දුව නිදහස් කරනු ලබන මොහොතේ වේගය(point of release) සලකනු ලබයි.
වර්තමානය වන විට Radar Gun/Speed Gun යොදාගනිමින් වේගය ගණනය බහුලවම සිදු කරයි. අප ඇසට දෘශ්‍ය නොවන තරංග (micro-waves) විශේෂයක් නිකුත් කරන අතර, නැවත එම තරංග ග්රහනය කිරගැනීමද සිදු කරයි.
යම් නිශ්චිත ලක්ෂ්‍යයක් පසු කරගෙන යන තරංග සංඛ්‍යාතයේ වෙනස් වීම හෙවත් Doppler Effect සංකල්පය මගින් මෙය විස්තර කරමු.

Speed Gun මගින් නිකුත් කෙරෙන ක්ෂුද්‍ර තරංග බාධකයේ/පන්දුවේ ගැටී නැවත පරාවර්තනය වීම සිදු වේ. මෙසේ පරාවර්තිත තරංග වල සංඛ්‍යාතය, පන්දුවේ වේගය අනුව වෙනස් වීම සිදු වේ. ඩොප්ලර් ආචරණ සමීකරණය මගින් පන්දුවේ වේගය(V) පහසුවෙන් ගණනය කල හැකිය.
V= (f2-f1)⋅C/ 2f1
f1 : emitted frequency
f2 : reflected frequency
C : Speed of Light

V= (f2-f1)⋅C/ 2f1
f1 : emitted frequency
f2 : reflected frequency
C : Speed of Light
මීට අමතරව, High Speed Camera method, Ball-Tracking systems, Sensor systems(inductive or capacitive) මේවායේදී, පන්දුව නියමිත ස්ථාන දෙක අතර දෝලනය වීමේ කාලය ලබාගෙන, (දුර/කාලය) සමීකරණය මගින් වේගය සෙවීම සිදු කරයි. කෙසේ වෙතත්, Speed Gun with Doppler Effect තාක්ෂණය ජාත්‍යන්තර මට්ටමේ තරඟ සදහා අනිවාර්ය අංගයක් වී ඇත.

#Dopplereffect
#KnowledgeJourney
#ArticleSeries
#ETcommunity
#NDT